Electronics banner

News & Events

Singhagiri (පුද්ගලික) සමාගම විසින් ලොව සුපතල Candy ගෘහ විදුලි උපකරණ ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

January 20, 2025

Singhagiri (පුද්ගලික) සමාගම දශක 5 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ සමීප කරනු ලබන කීර්තිමත් සමාගමකි. ලොව සුපතල විශිෂ්ඨතම යුරෝපීය ගෘහ විදුලි උපකරණ සන්නාමයක් වන Candy  සමග ව්‍යාපාර සහයෝගීතාවයකට එළැඹීමට Singhagiri (පුද්ගලික) සමාගම පසුගියදා කටයුතු කරන ලදී.

2024 දෙසැම්බර් 19 වන දින කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයක දී නිල වශයෙන් ව්‍යාපාර සහයෝගීතාවයකට එළැඹෙමින් Candy සන්නාමයට අයත් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වාදෙන ලදී. මේ අනුව Candy සන්නාමයේ නවතම ගෝලීය සලකුන දකුණු ආසියාවේ මුල් වරට නිල වශයෙන් හඳුන්වාදුන් රට බවට ශ්‍රී ලංකාව පත් විය.
මේ අනුව දිවයින පුරා Singhagiri ප්‍රදර්ශනාගාර වලින් Candy වෙළඳනාමයට අයත් නවීනතම කුකර්, හුඩ්ස්, හොබ්ස්, ඩිෂ් වොෂර්, රෙදි සෝදන යන්ත්‍ර, ශීතකරණ ඇතුළුව මුළුතැන්ගෙයි උපකරණ රැසක් ලබාගත හැක.

1945 වසරේ ඉතාලියේ දී මුල් වරට Candy නිෂ්පාදන හඳුන්වාදෙන ලදී. දවසේ ගෙදර දොර වැඩ කටයුතු සරල කිරීමේ අරමුණෙන් පහසුවෙන් පරිහරණය කළ හැකි, උසස්ම තත්වයේ ස්මාට් ගෘහ විදුලි උපකරණ ක්‍්බාහ නිෂ්පාදන අතර දැක ගත හැක. ගෙදරදොරේ වැඩ පහසු කරනවා මෙන්ම නිවසට නවීනත්වය එක් කරන විශිෂ්ඨතම ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර සහ කුකර් ක්‍්බාහ නාමයෙන් ඔබට ලබාගත හැකියි. මේ නිෂ්පාදන සියල්ලක්ම සුපිරි ක්‍රියාකාරීත්වයකින් මෙන්ම නිවසට නැවුම් කළ එළියක් එක් කරන මනරම් නිමාවෙන් සමන්විතයි.

Singhagiri සහ Candy අතර සහයෝගීතාවය නිසා ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත ජාත්‍යන්තර සන්නාමයක විශිෂ්ඨත්වය අත්විඳීමේ හැකියාව ලැබී ඇත. ක්‍්බාහ නිෂ්පාදන භාවිතා කිරීමත් සමග දේශීය ගෘහ විදුලි උපකරණ වෙළඳපොළේ ප්‍රමිතිය ඉහළ නංවාලීමටත්, නැවුම් තාක්‍ෂණය මෙන්ම සුව පහසුව අත්විඳීමටත් හැකියාව ලැබේ.
Singhagiri සහ Candy අතර ව්‍යාපාර සහයෝගීතාවය ඇති කර ගැනීම  වෙනුවෙන් නිල වශයෙන් පැවති උත්සවය සඳහා Singhagiri (පුද්ගලික) සමාගම නියෝජනය කරමින් අධ්‍යක්‍ෂිකා අනූෂා මාරසිංහ මහත්මිය, අධ්‍යක්‍ෂ නසාර් මජීඩ් මහතා, අධ්‍යක්‍ෂිකා චතුරිකා ද සිල්වා මහත්මිය, ප්‍රධාන විධායක නිලධාරී ලසන්ත අල්විස් මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ඇන්ඩි ප්‍රශාන්තන් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්ද්‍රජිත් පෙරේරා මහතා, සන්නාම ප්‍රධානී කළණ මධුරප්පෙරුම මහතා, මානව සම්පත් ප්‍රධානී අරවින්දන් මහතා, සාමාන්‍යාධිකාරී (රීටේල්) නිලංක ද සිල්වා මහතා, සන්නාම කළමණාකරු නිපුන ප්‍රභාෂ්වර මහතා, සන්නාම කළමණාකරු දිනුක චතුරංග මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
Candy ව්‍යාපාර සමූහය නියෝජනය කරමින් කළාපීය අලෙවි අධ්‍යක්‍ෂ Renato Destro මහතා සහ අපනයන කළමණාකාරිනී Joan Wong මහත්මිය මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

Singhagiri සමාගම සතුව වෙළඳපොළේ පවතින ශක්තිවන්ත බාවය මෙන්ම කීර්තිමත් ඉතාලි නිෂ්පාදනයක් වන Candy නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් වෙත සමීප කරවීමට ඔවුන් විසින් දක්වන ලද කැපවීම මෙහිදී ඉහළින්ම කැපී පෙණුනි.
මෙහිදී අදහස් දක්වා සිටි Candy ව්‍යාපාර සමූහයේ කළාපීය අලෙවි අධ්‍යක්‍ෂ Renato  Destro මහතා පවසා සිටියේ ලොව අංක එකේ ගෘහ විදුලි නිෂ්පාදන නාමයක් වශයෙන් ක්‍්බාහ විසින් මෙම උත්සවයේ දී නිල වශයෙන් ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත බාවය Singhagiri සමාගම වෙත ප්‍රදානය කර සිටින බවයි.
ශ්‍රී ලාංකික ජන ජීවිතය ඉහළ තලයකට ඔසවා තැබීම වෙනුවෙන් දිනෙන් දින දියුණු වන ලෝකයේ පහසුවෙන් පරිහරණය කළ හැකි නවීන තාක්‍ෂණය මුසු වූ නිෂ්පාදන හඳුන්වාදීම Singhagiri සහ Candy ව්‍යාපාරික සහයෝගීතාවයේ ප්‍රමුඛතම අපේක්‍ෂාවයි.